Wednesday, March 12, 2025

General line - 0115112241

සහාය කාටද? - මනෝ ගනේෂන්ගේ සහ බදියුදීන්ගේ තීරණ අද



එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසහය සහාය දක්වන්නේ කුමන පාර්ශවයට ද යන්න අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ තීරණය අද පස්වරුවේ කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ සඳහා එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සහ නියෝජ්‍ය නායකවරුවන් වන පී දිගම්බරන් සහ වී රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන් එක්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයද ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අද රැස්වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව එම පක්ෂය සහාය දෙන අපේක්ෂකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන් නෙත් නිවුස් කල කරුණු විමසීමකදී කියා සිටියේ.