Wednesday, March 12, 2025

General line - 0115112241

මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරුතහනම් නියෝගයක්

උදය කුමාර



සුරාබදු රෙගුලාසිවලට පටහැනි ආකාරයට මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම සහ බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

සුරාබදු රෙගුලාසිවලට පටහැනිව නිකුත් කර තිබෙන මත්පැන් බලපත්‍ර අභියෝගයට ලක් කරමින් මත්පැන් හල් හිමියන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළා.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.