Wednesday, March 12, 2025

General line - 0115112241

කොටුගොඩදී පොලිසිය සමග ආරවුලක් - වෙඩි වැදී පුද්ගලයෙකු මරුට



ගම්පහ, සීදූව පොලිස් වසමේ කොටුගොඩ ප්‍රදේශයේදී පොලීසිය සමග ඇති වූ ආරවුලකදී පුද්ගලයෙකු වෙඩි වැදී මිය ගොස් තිබෙනවා.

ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේදීයි. 

කොටුගොඩ පොලිස් මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි සීදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සීදුව දෙස සිට පැමිණි මෝටර් රථයක් පරික්ෂා කිරීමට නතර කර තිබෙනවා.

එම අවස්ථාවේදී මෝටර් රථයේ වම් පස ඉදිරි අසුනේ සිටි පුද්ගලයෙකු පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරී ගිනි අවිය උදුරා ගැනීමට තැත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී එම අවිය ක්‍රියාත්මක වී අදාළ පුද්ගලයාගේ උදර ප්‍රදේශයට වෙඩි වැදී තිබෙනවා.

එමෙන්ම පොලිස් නිලධාරියාගේ පාදයකටද වෙඩි වැදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

එහිදී මොර්ටර් රථයේ පැමිණි පුද්ගලයා මිය ගිය බවයි පොලීසිය තහවුරු කළේ.

මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.