Saturday, April 19, 2025

General line - 0115112241

ඔස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි



ඔස්ට්‍රේලියාවේ  ක්‍රිකට් ක්‍රීඩක මැතිව් වේඩ් වසර 13ක ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදීමට තිරණය කර තිබෙනවා 

ඒ අනුව ඔහු සමුගැනීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දී ඇති අතර ඔහු සඳහන් කර සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන පුහුණුකරු තනතුරට යාම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

තවද ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නද බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බවයි ඔස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරුවෙකු සහ කඩුලු රකින්නෙකුවන මැතිව් වේඩ් සඳහන් කරන්නේ, 

36 හැවිරිදි වියේ පසුවන මැතිව් වේඩ් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි20 තරග 92කට ක්‍රීඩා කර තිබෙනවා.

වමත් පිතිකරුවෙකු වන වේඩ් එක්දින තරග 83කදී එක් ශතකයක් සහ අර්ධ ශතක 11ක් සමඟින් ලකුණු 1,867ක් සහ 
ටෙස්ට් තරග 36කට ක්‍රීඩා කර ශතක හතරක් ලබා ගැනීමට සමත් විය.

එමෙන්ම ඔහු T20 ලෝක කුසලාන තුනකට තරග කර ඇති අතර, 2021 වසරේ ඔස්ට්‍රේලියාව 20 -20 ලෝක ශූරයන් බවට පත්වූ අවස්ථාවේදී එම කණ්ඩායමේ උප නායකයා ලෙසද ඔහු කටයුතු කර තිබුනා 

එහිදී ඔහු එම තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දක්වා ඇති අතර, ඔහු පන්දු 17 දී ලකුණු 41ක් රැස් කර තිබෙනවා.