Thursday, April 24, 2025

General line - 0115112241

නීති විරෝධීව ගෙන්වන ලද කෘෂි රසායන තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට



නීති විරෝධීව මෙරටට ගෙනවිත් තිබූ කෘෂි රසායන තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු දිවුලපිටිය, බල්ලපාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දිවුලපිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් සිදු කළ වැටලීමකදීයි.

අදාළ ලොරි රථයේ තිබී පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතිය නොමැතිව තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද කෘෂි රසායන පැකට් 1,200ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.