Thursday, April 24, 2025

General line - 0115112241

ගිනි අවි පෙන්වා තරුණියක් පැහැරගැනීමට තැත් කළ සැකකරුවෙකු අත්අඩංගුවට



වලස්මුල්ල, හොරේවෙල නිවසකට ඇතුල් වී නිවැසියන්ට ගිනි අවි පෙන්වා බියගන්වා තරුණියක් පැහැරගැනීමට තැත් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වලස්මුල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. සැකකරු සන්තකයේ තිබී ගිනි අවි දෙකක්, තියුණු ආයුධ දෙකක් සහ යකඩ කැබලි කිහිපයක් ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙණියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.