Thursday, April 24, 2025

General line - 0115112241

කොළඹ ඩී එස් විදුහලේ ‘නින්නාද’ ජනමාධ්‍ය මාධ්‍ය කවය අද



කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ජනමාධ්‍ය කවය විසින් 19වන වරටත් සංවිධානය කරන ‘නින්නාද’ මාධ්‍ය දිනය අද පැවැත්වෙනවා.

ඒ, පස්වරු 02යි 30ට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදීයි. දිවයිනේ පාසල් රැසක සහභාගිත්වයෙන් පැවැත්වූ ‘නින්නාද’ මාධ්‍ය තරඟාවලියේ ජයග්‍රාහකයින්ට සහතික පත්‍ර හා කුසලාන එහිදී පිරිනැමෙන බවයි ඩී එස් සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පැවසුවේ.

‘නින්නාද’ මාධ්‍ය දිනය සම්බන්ධයෙන් කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ මාධ්‍ය කවයේ සභාපති දෙනුර දිමන්ජිත් ද අදහස් පළ කළා.