Thursday, April 24, 2025

General line - 0115112241

වලංගු හැඳුනුම්පතක් නොමැති අයට විසදුමක්



නොවැම්බර් 14 වනදා පැවැත්වෙන මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් වලංගු හැඳුනුම්පතක් අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නියම කර ඇති හැඳුනුම්පත් නොමැති ඡන්ද දායකයින්ට මැතිවරණ කාර්යාලයෙන් තාවකාලික හැඳුනුම්පතක් ලබා ගත හැකි බවයි එම කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ. 

ඡන්දය සලකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කරුණු පැහැදිලි කළා.