Tuesday, March 11, 2025

General line - 0115112241

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම්දීමක්



බැංකු ගිණුම් මෙතෙක් විවෘත කර නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුම් විවෘත කිරීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා. 

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ ඇතැම් පුද්ගලයින්ගේ ප්‍රතිලාභ බැර කිරීමේදී ගැටලුවක් මතුව ඇති බවයි. 

ඒ, ඔවුන් මෙතෙක් බැංකු ගිණුමක් විවෘත නොකිරීම හේතුවෙන්.  

ඒ අනුව ජාතික හැඳුනුම්පත නොමැති වුවද බැංකු ගිණුමක් විවෘත කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි ඔහු සඳහන් කළේ.