Tuesday, March 11, 2025

General line - 0115112241

යුක්රේනය ආක්‍රමණය ගැන පුටින් වර්ෂ අවසාන මාධ්‍ය හමුවේදී කියයි



තමන් යුක්‍රේනය ආක්‍රමණය කළ යුතුව තිබුනේ මිට පෙර අවස්ථාවකදී බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. 

රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඔහුගේ වර්ෂ අවසාන මාධ්‍ය හමුව සඳහා එක්වෙමින්. 

මීට පෙර යුක්‍රේනයට පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කළ යුතුව තිබූ අතර යුද්ධයට වඩා හොඳින් සූදානම්ව සිටිය යුතුව තිබු බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

විශේෂ යුධ මෙහෙයුමක් ලෙස සඳහන් කරන 2022 වර්ෂයේ යුක්රේනය ආක්‍රමණය සඳහා ක්‍රමානුකූල සූදානමක් පැවතිය යුතුව තිබූ බවයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කියා සිටියේ.