Thursday, April 24, 2025

General line - 0115112241

ජාතික බුද්ධි අංශයට අලුත් ප්‍රධානියෙක්



ජාතික බුද්ධි ප්‍රධානී ලෙස විශ්‍රාමික මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. 

ඔහු නව ජාතික බුද්ධි ප්‍රධානී ලෙස ඊයේ දින ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. 

ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පුරප්පාඩු වු ජාතික බුද්ධි ප්‍රධානී ධුරය සඳහායි විශ්‍රාමික මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාව මෙලෙස පත්කර ඇත්තේ.