Thursday, April 24, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සිය ධුරයේ රාජකාරී ආරම්භ කරයි



ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ධූරයට පත් වූ ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එම්. ජී. ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. සී. බී. වික්‍රමසිංහ මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබෙනවා. 

ඒ, යුද හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකින් අනතුරුවයි. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 45 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා වනවා. 
 

මාතලේ විජය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන මේජර් ජෙනරාල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ මහතා කැඩෙට් නිලධාරියෙකු ලෙස 1989 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව තිබෙනවා.