වැලිගම, කප්පරතොට ප්‍රදේශයේදී අද අලුයම සිදුකල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ, වැලිගම, මූණමල්පේ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදීයි.
කප්පරතොට ප්‍රදේශයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මාතර බන්ධනාගාරයේ වාට්ටුවක් මතට බෝ ගසක අත්තක් කඩා වැටී පසුගියදා ජීවිතක්ෂයට පත් වූ රැඳවියෙකුගේ දේහය තැන්පත් කර තිබූ තුර්කි ගම්මානයේ නිවසට අදාල පුද්ගලයින් පස්දෙනා ඊයේ රාත්‍රියේ ගොස් තිබෙනවා.
යළිත් අලුයම් කාලයේ ඔවුන් සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
වෙඩික්කරුවන් තිදෙනෙකු යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.
අදාල වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම මුල්කර ගනිමින් ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ.
ඒ, මිදිගම රුවන් නැමැත්තාගේ පාර්ශවය සහ චූටි නැමැත්තාගේ පාර්ශවය අතරයි.
ඔවුන් දෙදෙනාම නදුන් චින්තන නොහොත් හරක් කටා සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර තිබෙනවා.
කෙසේවෙතත් හරක් කටා මැඩගස්කරදී අත්අඩංගුවට ගැනීමත් සමග අදාල ජාවාරම්කරුවන් අතර මත ගැටුම් ආරම්භ වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.