පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සමගි ජන බලවේගයෙන් මීට පෙර නාම යෝජනා භාරදුන් බොහෝ පිරිසක් සිය පක්ෂයෙන් ඉදිරියේදී තරග කිරීමට අපේක්ෂාවෙන් සිටින බව ජාතික ජන බලවේගය පවසනවා.
අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පැවසුවේ සිය පක්ෂයේ නාම යෝජනා සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.
සමගි ජන බලවේගයේ පිරිස් සිය පක්ෂයෙන් නාම යෝජනා භාරදීමට බලපා ඇති හේතු සම්බන්ධයෙන් ද අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා අදහස් පළ කළා.