උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් එළිමහන්වල අධික වෙහෙසකාරී කටුයුතු සීමා කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
වැඩ බිම්වල සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම අවශ්‍ය වන බවත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතු බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් දිවා කාලයේදී කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දී සිටින්නේ.