Monday, March 3, 2025

General line - 0115112241

ට්‍රම්ප් - සෙලෙන්ස්කි උණුසුම් සංවාදයෙන් පසු බ්‍රිතාන්‍ය අගමැතිගේ සහාය යුක්‍රේනයට



යුක්‍රේන ජනාධිපති ව්ලැඩ්මියර් සෙලෙන්ස්කිට බ්‍රිතාන්‍යයේ පූර්ණ සහාය ලබා දෙන බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසනවා.

ඒ, යුක්‍රේන ජනාධිපතිවරයා විසින් බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් හමු වූ අවස්ථාවේදීයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ එම හමුව බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නිල නිවස පිහිටි ලන්ඩනයේ ඩව්නිං වීදියේදී සිදුව ඇති බවයි. 

බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් විසින් එහිදී යුක්‍රේන ජන්ධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගන්නා අකාරය ද විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.

එම හමුවේදී ව්ලැඩ්මියර් සෙලෙන්ස්කි සහ කීර් ස්ටාර්මර් විසින් යුද ආධාර සම්බන්ධයෙන් ගිවිසුමකට ද අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර රුසියා - යුක්‍රේන යුද්ධය සම්බ්නධයෙන් ද දෙරටේ නායකයින් සාකච්ඡා කර තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති ව්ලැඩ්මියර් සෙලෙන්ස්කි විසින් යුරෝපීය නායකයින් සමඟ තීරණාත්මක සමුළුවකට ද සහභාගී වීමට නියමිතයි.