ගෝනගංආර පොලිස් වසමේ යාල රක්ෂිතයේ කලාප අංක 04 ප්‍රදේශයේ වගාකර තිබූ ගංජා හේන් 04ක් වටලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුරේ නිලධාරින් සමත්ව තිබෙනවා.
ඒ, දින පහක පමණ කාලයක් පුරා එම ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමකදීයි.
එම ගංජා හේන් හතරේ වගාකර තිබූ ගංජා ගස් දෙලක්ෂ හතලිස් දහසකට ආසන්න ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් ගිනි තබා විනාශ කර තිබෙනවා.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගෝනගංආර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.