Tuesday, March 4, 2025

General line - 0115112241

ඉන්ධන බෙදාහැරීම කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ගැන CIDයෙන් විමර්ශන



ඉන්ධන බෙදාහරින නියෝජිතයින් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් කටයුතු කර මහජනතාව පීඩාවට ලක් කිරීමට එම පාර්ශව උත්සාහ දරන බවටයි අදාළ පැමිණිල්ල ලැබී ඇත්තේ. 

ඒ අනුව එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි විමර්ශන ආරම්භ කර ඇති බවත් සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සහ අස්ථාවරභාවයක් ඇති කර මහජන පීඩාවක් ඇති කරන තැනැත්තන්ට විරුද්ධව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ තොරතුරු ඇතුළත් සංදේශයක් ඛනිජ තෙල් බෙදුම්කරුවන් විසින් අද පෙරවරුවේ ජනාධිපති ලේකම්වරයා වෙත භාරදෙනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා.