Tuesday, March 4, 2025

General line - 0115112241

දිවයිනේ පැවති වැසි තත්ත්වයේ අඩුවීමක්



දිවයිනේ පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

නැගෙනහිර වෙරළ තීරයේ උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.