මඩකලපුව පොලිස් වසමේ කල්ලඩි පාලම අසල මාර්ගයේදී පුද්ගලයෙකුට පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක් වූ පේතාලෙයි, වාලච්චේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන බවයි පොලිසිය පැවසුවේ.
ඔහු එළවලු වෙළඳාමේ නිරතව සිටි පුද්ගලයෙකු වන අතර පිරිසක් සමඟ ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඔවුන් විසින් සිදුකල පහරදීමකින් එම ඝාතනය සිදුව ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, 24, 28 හා 50 වයස්වල පසුවන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
මරණකරුගේ මෘත ශරීරය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.