Tuesday, March 4, 2025

General line - 0115112241

පියා පැදවූ ට්‍රැක්ටර් රථයකට යටවීමෙන් 11 හැවිරිදි දරුවෙකු මිය යයි



චුන්නාකම් පොලිස් වසමේ උඩුවිල් ප්‍රදේශයේදී ගොයම් කපන මැෂිමක් පටවාගෙන යමින් සිටි ට්‍රැක්ටර් රථයකට යටවීමෙන් පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ උඩුවිල්, චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 11ක් වූ පිරිමි දරුවෙක්.

අනතුරින් බරපතල තුවාල ලැබූ එම දරුවා යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි චුන්නාකම් පොලිසිය පැවසුවේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය දරුවාගේ පියා විසින් පදවන ලද ට්‍රැක්ටර් රථයේ පටවා තිබූ ගොයම් කපන මැෂිමට නැගීමට උත්සහා කිරීමේදී බිම ඇඳ වැටී එම ට්‍රැක්ටර් රථයේ පිටුපස රෝදයට යට වීමෙන් අනතුර සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.