මිද්දෙණිය ත්‍රිත්ව ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු මිද්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක්.
එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
පොලිසිය පැවසුවේ සැකකරු විසින් වෙඩිතැබීම සිදුකල සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබාදී ඇති බවට දැනට සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
පසුගිය 18 වනදා සිදුකල එම ත්‍රිත්ව ඝාතනයට අදාළව මේ දක්වා සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.