Tuesday, March 4, 2025

General line - 0115112241

ඉන්ධන බෙදුම්කරුවන් CIDයට



ඉන්ධන බෙදාදීමේ දී මතු වූ ගැටළුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නිලධාරින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පැවසුවේ ඉකුත් දා ඉන්ධන බෙදාහැරීමේ දී මතු වූ තත්ත්වය මෙතෙක් සම්පූර්ණයෙන්ම විසඳී නොමැති බවයි. 

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා ඉන්ධන බෙදුම්කරුවන්ට අද දිනයේ ද කැඳවීමක් ලැබී තිබුණා.        

ඒ, ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබාදුන් සියයට 3ක වට්ටම අඩු කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

මෙම ගැටළුව මුල්කර ගනිමින් පසුගිය දින දෙක තුළ ඉන්ධන ඇණවුම් කිරීම ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් නතර කර තිබුණා.

කෙසේවෙතත් එය ඊයේ රාත්‍රියේ සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ කිරීමටයි පියවර ගෙන තිබුණේ.