වැලිගම වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට භාර වී තිබෙනවා. අද උදෑසන ඔහු එලෙස අධිකරණයට භාර වී ඇති බවයි වාර්තා වන්නේ.
2023 වසරේ දෙසැම්බර් 31 වනදා මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව ඔහු එලෙස අධිකරණයට භාර වී තිබෙනවා.
එම සිදුවීමට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර අධිකරණ නියෝගයක් ද ලැබී තිබුණා.