ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ නව සූත්‍රය ක්‍රියාත්මක වන අතර බෙදුම්කරුවන්ගේ යෝජනාවලිය සාකච්ඡා කිරීම සඳහා තවත් සාකච්ඡාවක් එළැඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිත බවයි.
මේ අතර ඉන්ධන බෙදාදීමේදී මතු වූ ගැටළුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නිලධාරින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.
එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡාවක් සඳහා ද ඉන්ධන බෙදුම්කරුවන්ට අද දිනයේ ද කැඳවීමක් ලැබී තිබුණා.
ඒ, ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලබාදුන් සියයට තුනක වට්ටම අඩු කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.
මෙම ගැටළුව මුල්කර ගනිමින් පසුගිය දින දෙක තුළ ඉන්ධන ඇණවුම් කිරීම ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් නතර කර තිබුණා.
කෙසේවෙතත් එය ඊයේ රාත්‍රියේ සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ කිරීමටයි පියවර ගෙන තිබුණේ.