ශ්‍රී දළදා දැක්ම වෙනුවෙන් මූලික කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසනවා.
දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට රාජ්‍ය ආයතන රැසක් එක්ව අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
දළදා දැක්ම වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සැදැහැවතුන් ලක්ෂ 20ක් පමණ මහනුවර නගරයට පැමිණෙතැයි අපේක්ෂා කරනවා.
ඒ සඳහා ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරින් 10,000ක් පමණ යෙදවීමට අපේක්ෂිත අතර ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ද ලබා ගැනීමට නියමිත බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
ශ්‍රී දළදා දැක්ම අප්‍රේල් මස 18 වනදා සිට ආරම්භ වනවා.