මැදින් පුර පසළොස්වක පොහොය අදයි.
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙසටයි මෙම පොහොය සැලකෙන්නේ.
මැදින් පුර පසළොස්වක පොහොය දිනය වැදගත් වන්නේ ඇයි? මේ, කඩවත සූරිගම සිතුරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කොටියාගල සීවලී හිමියන්.
මැදින් පෝදා සැදැහැවතුන් සිතට ගත යුතු වැදගත් කරුණක් සම්බන්ධයෙන්ද උන්වහන්සේ මෙලෙස සිහිපත් කළා.
මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා වැඩසටහන අද පැවැත්වෙන්නේ නාරම්මල, දම්පෑලැස්ස විද්‍යාර්ථාලංකාර මහ පිරිවෙන් විහාරස්ථානයේදීයි.
එහි තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා නෙත් මාණ්ඩලික වාර්තාකරු සමීර බණ්ඩාර වීරකෝන්.
ආයුබෝවන් සමීර