Wednesday, April 2, 2025

General line - 0115112241

ප්‍රංශයේ දේශපාලනික වශයෙන් පුපුරන සුලු තීන්දුවක්



ප්‍රංශ අන්ත දක්ෂිණාංශික නායිකා මැරීන් ල පෙන්ට වසර පහකට දේශපාලන කටයුතු සිදු කිරීම තහනම් කර තිබෙනවා.

ඒ, යුරෝපීය සංගමයේ අරමුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් පසුවයි. ඒ අනුව 2027 දී ජනාධිපති ධුරය දිනා ගැනීමේ ඇගේ බලාපොරොත්තු බිඳ වැටෙනු ඇති.

දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම තීරණය ප්‍රංශයේ දේශපාලනික වශයෙන් පුපුරන සුලු තීන්දුවක් වනු ඇති බවයි.

මැරීන් ල පෙන්ට වසර දෙකකට අත්හිට වූ, වසර හතරක සිර දඬුවමක් සහ අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ 8,000ක දඩයක් ද පැරිස් අධිකරණයක් විසින් නියම කරනු ලැබුවා.

ඇය වංචා කළ බවට චෝදනා එල්ල වූ මුදල යුරෝ මිලියන 4යි දශම 1ක්.

ඒ අනුව මෙම වංචාව සැලකිල්ලට ගනිමින් යුරෝ මිලියන 2ක දඩ මුදලක් ගෙවීමට ද මැරීන් ල පෙන්ගේ පක්ෂය වන ජාතික රැලිය පක්ෂයට නියෝග කර තිබෙනවා.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට අඛණ්ඩව තුන්වන වරටත් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට නොහැකි වනවා.

ඒ අනුව 2027 දී ප්‍රංශ අන්ත දක්ෂිණාංශික නායිකා මැරීන් ල පෙන් එරට ජනාධිපතිනිය වීමටයි සිහින දකිමින් සිටියේ.