Wednesday, April 2, 2025

General line - 0115112241

අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්



අද දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන්.