Wednesday, April 2, 2025

General line - 0115112241

හෙරොයින් ජාවාරමේ නිරත වූ කාන්තාවක් මුදල් සහ රන් භාණ්ඩ සමඟ අත්අඩංගුවට



හෙරොයින්, මුදල් හා රන් භාණ්ඩ සමඟ සැකකාරියක් රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත - උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි. එහිදී සැකකාරිය සන්තකව තිබූ හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 500ක්, එම ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැකකරන රුපියල් එකොලොස් ලක්ෂ හාරදහස් තුන්සීයක මුදලක්, රුපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා රන් භාණ්ඩ, විද්‍යුත් තරාදි දෙකක් සහ ජංගම දුරකථනයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත - උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.