Saturday, April 19, 2025

General line - 0115112241

විශේෂ පොලිස් මෙහෙයුමෙන් සැකකරුවන් 233 දෙනෙකු අත්අඩංගුවට



ඉකුත් අප්‍රේල් මස 13 වනදා සිට රට පුරා ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 233ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඒ, වැටලීම් 235කට අදාළවයි. 

ඉන් 98 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් වැටලීම් සම්බන්ධයෙන්. 

තවත් 68 දෙනෙකු අයිස් වැටලීම්වලට අදාළව සහ තවත් 65 දෙනෙකු ගංජා වැටලීම්වලට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

හෑෂ් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.