Wednesday, April 23, 2025

General line - 0115112241

නුවරඑළිය, කඳපොල ප්‍රදේශයේ රථවාහන ගමනා ගමනයට බාධා

රංජිත් රාජපක්ෂ



නුවරඑළිය, කඳපොළ ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග   නුවරඑළිය - රාගල ප්‍රධාන මාර්ගය කඳපොළ, හයේ කණුව, අලුත්පාර ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනවා. 

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බවයි කඳපොළ පොලීසිය පැවසුවේ. 

එම ප්‍රදේශයේ ජලය ගලා බැසීමට ඇති කාණු පද්ධතිය සහ බෝක්කු අවහිර වී, වැසි ජලය පිටාර ගැලීම හේතුවෙන් ප්‍රධාන මාර්ගය අසල තිබු නිවාස කිහිපයක් සහ එලවලු වගාවන්ට ද හානි සිදුව තිබෙනවා. 

ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගත් සැහැල්ලු වාහන දිගු වේලාවක් නතර කිරීමට සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.