Wednesday, May 8, 2024

General line - 0115112241

ඊශ්‍රායල් ගොස් ඉන්දිය අගමැති ඉතිහාසයට එක්වෙයි




ඊශ‍්‍රායලයේ නිල සංචාරයක නිරත වන පළමු ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාසයට එක්වීමට නරේන්ද්‍ර මෝදිට හැකි වී තිබෙනවා.

ඔහු ඊශ‍්‍රායලය වෙත පැමිණියේ තෙදින නිල සංචාරයක් සඳහායි.

මාධ්‍ය අමතමින් නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කර ඇත්තේ ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඉන්දියාව සහ ඊශ‍්‍රායලය සහයෝගයෙන් ක‍්‍රියා කළ යුතු බවයි.

එමෙන්ම සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා එක්ව කටයුතු කළ යුතු බව ද ප‍්‍රකාශ කළා.

ඉන්දියාව සහ ඊශ‍්‍රායලය අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා පවතින්නේ වසර 25ක සිටයි. මේ වනවිට ඊශ‍්‍රායලයේ ප‍්‍රධානතම අවි ගැණුම්කරු බවට ඉන්දියාව පත්ව සිටිනවා.