Sunday, October 20, 2024

General line - 0115112241

තේ ප්‍රශ්නයෙන් පෙනෙන්නේ ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තරය හමුවේ නැවතවරක් අසරණ බවයි (UPDATE)

ඩිල්ෂාන් මඩවල




ශී‍්‍ර ලංකාවේ තේවලට රුසියාව පැනවූ තහනම ඉවත් කර ගැනීමෙන් පමණක් ශී‍්‍ර ලංකාවේ තේ කර්මාන්තය ආරක්‍ෂා නොවන බව විද්වතුන් පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ විකල්ප ගැණුම්කරුවන් හදුනා ගනිමින් ශී‍්‍ර ලංකාවේ තේ වෙළදපොල තවදුරටත් පුළුල්  කරගත යුතු බවයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප‍්‍රධානි මහාචාර්ය ගාමිණී වීරසිංහ පෙන්වා දෙන්නේ.

රුසියාව ශී‍්‍ර ලංකාවේ තේ තහනම් කළේ එරටට ශී‍්‍ර ලංකාවෙන් යැවූ තේ තොගයක සිට කුරුමිණියෙකු හමුවීම නිසා බව මුලින් ප‍්‍රකාශ වුණා. එහෙත් ලෝකයේ ප‍්‍රධාන පෙළේ ඇස්බැස්ටෝස් නිෂ්පාදකයෙකු වන රුසියාව මෙම තහනම පැනවූයේ ඇස්බැස්ටෝස් තහනම් කිරීමට ශී‍්‍ර ලංකා ගත තීරණයට එකට එක කිරීමක් බවයි ඇතැම් අය පසුව කියාසිටියේ. එලෙස ඇස්බැස්ටෝස් තහනම කි‍්‍රයාත්මක කිරීම සදහා ශී‍්‍ර ලංකාව මුලින් නියම කර තිබු දින පසුවට කල්දැමීමටද රජය ඉකුත්දා තීරණය කළා. ශී‍්‍ර ලංකාවේ තේවලට පැනවූ තහනම ඉවත් කිරිමට රුසියාව එකගතාව පළ කළේ ඉන් අනතුරුවයි. මේ අනුව පෙනී යන්නේ ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තරය හමුවේ නැවතවරක් අසරණ වී ඇති බවක්  යැයි සමාජ විශ්ලේෂක චාපා බණ්ඩාර පෙන්වා දෙනවා. 

මේ අතර අද දිනයේදී තමන් ශී‍්‍ර ලංකාවෙන් අපනයනය කෙරෙන තේ ගබඩාකෙරෙන රුසියාවේ ගබඩාංගන පරීක්‍ෂාවට ලක්කරන බවයි 

ශී‍්‍ර ලංකාවෙන් ගිය තාක්‍ෂණික කණ්ඩායම පවසන්නේ. ශී‍්‍ර ලංකාවේ තේවලට ගුණාත්මකභාවය තවදුරටත් තහවුරු කිරීමට ගතයුතු පියවර හදුනා ගැනීම එහි අපේක්‍ෂාව බව වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

-------------------------------------------

රුසියාව තේ තහනම ඉවත් කළේ කොන්දේසි කිහිපයක් මතයි

26-12-2017 05:34

ශී‍්‍ර ලංකාවේ තේවලට රුසියාව විසින් පනවන ලද තහනම ඉතාම කෙටි කාලයක් තුළ ඉවත් කරවා ගැනීමට හැකිවීම රාජ්‍යතාන්ති‍්‍රකව ශී‍්‍ර ලංකාව ලැබූ ජයග‍්‍රහණයක් බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ, ශී‍්‍ර ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනවලට මීට ඉහතදී යුරෝපය විසින් පනවල ලද තහනම ඉවත් කරවා ගැනීමටත් අහිමි කෙරුණු ජී. එස්. පී. ප්ලස් සහනය නැවත ලබාගැනීමටත් දිගුකාලයක් ගතවුවත් මෙම තේ තහනම ඉතාම කෙටි කාලයක් තුළ ඉවත් කරවා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.

රුසියාව ශී‍්‍ර ලංකාවේ තේවලට තහනමක් පැනවූයේ ඉකුත් 18 වැනිදා සිටයි. ලබන 30 වැනිදා සිට එම තහනම ඉවත් කිරීමට ඔවුන් ඊයේ (25) එකඟතාව පළ කළා. ඒ, ශී‍්‍ර ලංකාවෙන් ගිය තාක්‍ෂණික කණ්ඩායමක් සමග පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසුවයි.

රුසියාවට තේ අපනයනය කිරීමේදී බහාලුම් දූමායන කිරීම ඇතුළු කොන්දේසි කිහිපයක්ද මෙහිදී පනවනු ලැබ තිබෙනවා. 

මේ අතර අද (26) දිනයේදී තමන් ශී‍්‍ර ලංකාවෙන් අපනයනය කෙරෙන තේ ගබඩාකෙරෙන රුසියාවේ ගබඩාංගන පරීක්‍ෂාවට ලක්කරන බවයි ශී‍්‍ර ලංකාවෙන් ගිය තාක්‍ෂණික කණ්ඩායම පවසන්නේ. 

ශී‍්‍ර ලංකාවේ තේ තොගයේ සිට කුරුමිණියෙකු හමුවීම රුසියාව විසින් ශී‍්‍ර ලංකාවේ තේ තහනම් කිරීමට හේතුව ලෙස ප‍්‍රකාශ කෙරුණා.

එවැන්නක් සිදුවී ඇත්නම් ඊට හේතු වූ කරුණු හඳුනාගැනීමද මින් ඉදිරියට එවැනි වැරදි සිදු නොවීමට සහ ශී‍්‍ර ලංකාවේ තේ වල ගුණාත්මකභාවය තවදුරටත් තහවුරු කිරීමට ගතයුතු පියවර හඳුනාගැනීම අද කෙරෙන නිරීක්‍ෂණ චාරිකාවේ අපේක්‍ෂාව බවයි ශී‍්‍ර ලංකාවෙන් ගිය තාක්‍ෂණික කණ්ඩායම වැඩිදුරටත් පැවසුවේ.

(මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න..)