Friday, April 26, 2024

General line - 0115112241

මැදපෙරදිග රටවල් දෙකක් පළමු වරට බදු පනවයි - ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් කනස්සල්ලෙන්

ඉෂාර සුපෙම් මානගේ




සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් තුළ පළමු වරට වැට් බදු හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව බහුතර භාණ්ඩ සහ සේවා සඳහා 5% බදු අය කර ගැනීමටයි නියමිතය ඇත්තේ.

බදු රහිත දිවි පෙවතක් ලබා දීම තුළින් ගල්ෆ් කලාපීය රටවල් දීර්ඝ කාලයක සිට විදෙස් සේවකයන් ආකර්ෂණය කර ගත් බවත් නමුත් ඛනිජ තෙල් මිල පහළ යාම හමුවේ සිය ආදායම් ඉහළ නංවා ගැනීමට එම රටවලට අවශ්‍යව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව 2018 ජනවාරි 01 වෙනිදා සිට ඉහත කී රටවල් දෙක තුළ වැට් බදු ක්‍රියාත්මක වීමට නියමිතයි.

වැට් බදු හඳුන්වා දීමෙන් පසු පළමු වසර තුළ ඩිරාම් කෝටි 1,200 ක ආදායමක් ලැබෙනු ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇස්තමේන්තු කර තිබෙනවා.

පෙට්‍රල් සහ ඩීසල්, ආහාර, ඇඟලුම්, විදුලි සහ ජල බිල්පත්, හෝටල් කාමර සඳහා මෙම වැට් බදු අය කෙරෙනු ඇති බවද වාර්තා වෙනවා.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා රටවල් දෙකම මේ වන විට පියවර අනුගමනය කරමින් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ සෙසු සාමාජික රටවල් වන බහරේනය, කුවේටය, ඕමානය සහ කටාර් රාජ්‍යය ද වැට් බදු හඳුන්වා දෙන බව නිවේදනය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

අලුතින් බදු හඳුන්වා දීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් ද කනස්සල්ලෙන් පසු වන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.