Friday, April 26, 2024

General line - 0115112241

සම්පත් බැංකුවේ ‘‘ වැවට ජීවයක් ’’ මෙවර දිවුලන්කඩවලට




සම්පත් බැංකුවේ ‘‘ වැවට ජීවයක් ’’ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ලෙස මැදිරිගිරිය දිවුලන්කඩවල ධාන්‍යාව වැවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ඊයේ ආරම්භ වුණා.

 

ඒ පිළිබද කරුණු දැක්වූ සම්පත් බැංකුවේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පාරිභෝගික බැංකුකරණ) තාරක රංවල පැවසුවේ මෙම වැව අක්කර 12කින් යුතු බවය.

තවදුරටත් අදහස් දැක්වූ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා. "මේ වැවෙන් අක්කර 120ක් පමණ වගා කරනවා. නමුත් වැව ගොඩ වෙලා නිසා මෙහි බලාපොරොත්තු වෙන තරමට වතුර රඳවා ගන්න බැහැ. නිවාස 225කට සහ අවට ගම් කිහිපයකටම පානීය ජලය සපයා ගැනීමත් මේ නිසා අවහිර වෙලා. ඒ නිසා සම්පත් බැංකුව ‘‘ වැවට ජීවයක් ’’ වැඩසටහන් මාලාවෙන්  දිවුලන්කඩවල ධාන්‍යාව වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුවා."