Friday, April 26, 2024

General line - 0115112241

දෝහා බැංකු සමූහය ලංකාවේ වැඩ අරඹයි




ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර බැවින් ආයෝජකයින් රැසක් මෙරට ආයෝජනයට සූදානම් බව ගල්ෆ් කලාපීය දෝහා බැංකු සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ආර්. සීතාරාමන් ප්‍රකාශ කරනවා. 

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

දෝහා බැංකුවේ නියෝජිත කාර්යාලයක් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ විවෘත කෙරුණා. 

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අවස්ථා සදහා පවතින යහපත් වාතාවරණය හේතුවෙන් මෙම නියෝජිත කාර්යාලය විවෘත කළ බවයි දෝහා බැංකු සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ආර් සීතාරාමන් ප්‍රකාශ කරන්නේ.