Friday, April 26, 2024

General line - 0115112241

විවාහ වෙන්න කලින් අනිවාර්යෙන්ම ළඟ තිබිය යුතු දෙයක්




විවාහය කියලා කියන්නෙ කෙනෙකුගේ ජීවිතයේ අමතක නොවන වැදගත්ම අවස්ථාවක්. විවාහයෙන් පස්සෙ තමන් ගත කළ සරල සුවපහසු ජීවිතය වෙනුවට ලොකු වගකීමක් එකතු වෙනවා. මේ වගකීම් වලට මුහුණ දෙන්න කලින්ම සූදානම් වෙනවා වගේම විවාහයට පෙර ජීවතයේ නිදහස උපරිමයෙන්ම භුක්ති විඳින්න ඕන.

කොහොම වුනත් විවාහ වෙන්න කලින් ජීවිතයට අලුත් අත්දැකීම්, සතුට වින්දනය එකතු කර ගනිද්දී ඔබට නැතිවම බැරි දෙයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. ඒ තමයි ක්‍රෙඩිට් කාඩ් එක. විවායට පෙර ඔබ අනිවාර්යෙන්ම ක්‍රෙඩිට් කාඩ් එකක් ලබාගත යුත්තේ ඇයි..?

මේ ප්‍රශ්නයට එක උත්තරයක් නෙමෙයි උත්තර ගොඩක් තියෙනවා. අපි හොයලා බලමු ඇත්තටම විවාහයට කලින් අපි ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕන මොකද කියලා. 

රට වටේ විතරක් නෙමෙයි ලෝකෙ වටේම ඇවිදින්න

දැන් තියෙන නිදහස නම් ඉතිං විවාහ වුනාට පස්සෙ විඳින්න හිතන්න එපා. මොකද ඔයාගෙ ජීවිතයට එකතුවෙන වගකීම්, යුතුකම්, අභියෝග එක්ක ඔයාගෙ ජීවිතය ගොඩක් කාර්යබහුල වෙන්න පුළුවන්. ඒ නිසා ඉතිං විවාහ වෙන්න කලින් නිදහස උපරිමයෙන්ම භුක්ති විඳින්න පුරුදු වෙන්න ඕන. තරුණ පරපුර ගොඩක් කැමති දෙයක්නෙ රට වටේ ඇවිදල විනෝද වෙන්න. හැබැයි ඉතිං ඒකට ලොකු වියදමක් යනවා. කොහොම වුනත් ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනව නම් රට වටේ විතරක් නෙමෙයි ලෝකෙ වටේම ගිහිල්ලා සුවිශෙෂී වූ වට්ටම් දීමනා යටතේ හිතට බයක් නැතිව, අතට බරක් නැතිව ඇවිදලා එන්න පුළුවන්.

යාළුවොත් එක්ක විනෝද වෙනවනම් ඉතින් විවායට කලින් තමයි

විවාහ වුනාට පස්සෙ මිතුරු ඇසුර ටිකක් සීමා කරන්න වෙන අවස්ථා තියෙනවනේ. ඒ හින්දා යාළුවොත් එක්ක හිතේ හැටියට විනෝද වෙනවනම් ඒ විවාහයට පෙර තමයි. යාළුවෝ එක්ක විනෝද වෙන්න තියෙන හොඳම කාලේ ඒ අවස්ථාව උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගනිද්දී වැඩ්ඩෙක් වගේ වියදම් කරන්නනම් ඉතිං ක්‍රෙඩිට් කාඩ් එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. මොකද අලුත් වෙන ලෝකෙ අලුත් විදියට වියදම් කරන්න අපි පුරුදු වෙන්න ඕනනෙ. ඒ වගේම තමයි මුදල් නෝට්ටුවලින් ගෙවනවට වඩා ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවද්දි ඔබට අමතර වට්ටම් රැසක් හිමිකර ගන්නත් පුළුවන්.

ගෙදරට ඕන ගැජට් ටික ඔන්ලයින් ගෙන්න ගන්න

විවාහ වෙන්න කලින් ගෙදරට ඕන කරන පොඩි පොඩි ගැජට් කෑලි ටිකක් ගෙනල්ලා තියා ගන්න ගොඩක් තරුණ තරුණියන් ආසයි. මොකද විවාහ වුනාට පස්සෙ ඒ දේවල්වලට සීමා පැනවෙන්නත් පුළුවන්නෙ. අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කරන වෙබ් අඩවි ඔස්සේ මේ දේවල් නිවසටම ගෙන්න ගන්නම් ඉතිං අනිවාර්යෙන්ම ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්න ඕන.

ඕන කරන හැම දෙයක්ම ටික ටික ගෙවන්න

තමන් විවාහ වෙන ආදරණීය බිරිඳ ගෙදරට කැන්දාගෙන එන්නට පෙර ගෙදරට අවශ්‍ය කරන ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ ඇතුළු ගොඩක් දේවල් ඔබගේ නිවසට අරගෙන එන්න සිද්ද වෙනවා. හැබැයි ඉතිං එක සැරේ මුදල් ගෙවලා මේ දේවල් මිලදී ගන්න එක ඇතමෙකුට සිහිනයක් වෙන්න පුළුවන්. හැබැයි ඉතිං ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන කෙනෙක්ටනම් බොහොම පහසුවෙන් මේ දේවල් මිලදී ගන්න පුළුවන්. මොකද පහසු ගෙවීමේ ක්‍රමයට ඉතා සුළු වාරික මුදලක් යටතේ ක්‍රෙඩිට් කාඩ් හරහා ඔබට බඩු භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදාවෙන නිසා.

මේ වාසි හැම දෙයක්ම අත්විදින්න ඔබත් පහතින් ක්‍රෙඩිට් කාඩ්පතක් දැන්ම අයදුම් කරන්න