Friday, April 26, 2024

General line - 0115112241

උද්ධමනය වැඩි වූ හේතු මෙන්න




ගෙවී ගිය ජුනි මාසයේදී උද්ධමනය සියයට 2.5ක් වූ බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් මැයි මාසයේ උද්ධමනය සියයට 2.1ක්. ඒ අනුව ජූනි මාසයේදී උද්ධමනය සුළු වශයෙන් වැඩි වී තිබෙනවා. 

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මීට හේතු වී ඇත්තේ එළවළු, මාලූ, බිත්තර, කිරිපිටි, අර්තාපල් හා ලොකු ළුෑණු වැනි ආහාර ද්‍රව්‍යයන්ගේ මිල වැඩිවීමයි. කෙසේ වෙතත් සහල්, පොල්, කෙසෙල් සහ අඹ වැනි ආහාරවල මිල මැයි මාසයට සාපේක්ෂව ජූනි මාසයේදී අඩු වී තිබෙනවා.

තෙල් මිල සහ ප‍්‍රවාහන වියදම් ජුනි මාසයේදී වැඩි වූ බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ. මධ්‍යසාර, දුම්කොළ හා මත්ද්‍රව්‍ය කාණ්ඩයේ වියදම් ජුනි මාසයේදී අඩු වී තිබෙනවා.