Friday, April 26, 2024

General line - 0115112241

ගෝලීය ආර්ථික අර්බුධයට මුහුණ දෙන හැටි අගමැති කියයි

ෆසාල් මොහොමඩ්




ගෝලීය ආර්ථික අර්බුධයට මුහුණ දීමට ශක්තිමත් අපනයන ආර්ථිකයක් තිබිය යුතු බවත්, මෙරට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත්, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ අද (26) පැවැති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ශී‍්‍ර ලංකාව 1977දී ආරම්භ කළ අපනයන ආර්ථික සංකල්පය ඔස්සේ ඉදිරියට යමින් තායිලන්තය, වියට්නාමය වැනි රටවල් වර්තමානයේ උද්ගත වී ඇති ගෝලීය ආර්ථික අර්බුධයට සාර්ථකව මුහුණ දී ඇති බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.