Friday, April 26, 2024

General line - 0115112241

ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් ගැනීමේ අවදානමක්




රට තුළ පවතින තත්ත්වයන් හමුවේ මෙම වසරේ ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් ගැනීමේ අවධානමක් මතුව ඇති බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පි‍්‍රයංග දුනුසිංහ පැවසුවේ "අද වෙනකොට රට පුරා ආර්ථික කටයුතු විශාල වශයෙන් බිඳ වැටිලා තියෙනවා අපිට පේනවා. ඒක එක ක්ෂේත්‍රයකට විතරක් කියලා කියන්න බෑ.. සංචාරක ක්ෂේත්‍රයට වගේම සෑම ක්ෂේත්‍රයකටම බලපාලා තියෙනවා. " යනුවෙනි.

මෙම වසරේ පුරෝකතනය කර තිබූ ආර්ථික වර්ධන වේගය 3.6%ක්. පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පෙර සිටම මෙරට ආර්ථිකය අර්බුද රැසකට මුහුණ පා සිටි බවයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ පෙන්වා දුන්නේ.