Friday, April 26, 2024

General line - 0115112241

හුවාවේ සේවා දිගටම - හුවාවේ දුරකතන භාවිතා කරන සහ භාවිතා කරන්නට බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයන්ට දැනුම් දීමක්




මේ වන විට ගුගල් සමාගම විසින් සිය සේවාවන් හුවාවේ දුරකථන සඳහා සිමා කිරීම පිළිබඳව එම සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් සඳහන් වන්නේ ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයේ වර්ධනයට සහ දියුණුවට සැළකියයුතු දායකත්වයක් හුවාවේ සමාගම විසින් ලබාදි ඇති බවයි.

ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයේ ගෝලීය හවුල්කරවෙකු වන හුවාවේ සමාගම සිය පරිශිලකයින්ගේ සහ තාක්ෂණික කර්මාන්තයේ යහපත උදෙසා විවෘත මෙහෙයුම් පද්ධති සමග සමිපව කටයුතු කර ඇති බවත් දැනට සිය පරිශිලිකයින් විසින් භාවිතා කරනු ලබන සහ විකිනිමට සුදානම් කර ඇති සියලු හුවාවේ ජංගම දුරකථන සහ ටැබ්ලට් සදහා සියලු ආරක්ෂක යාවත්කාලින කිරිම් සහ අලෙවියෙන් පසු සේවා අඛණ්ඩව ඉදිරියටත් ලබා දිමට සමාගම කටයුතු කරන බව දන්වා සිටියි.

එමෙන්ම ගෝලීයව සියලු පරිශිලකයන් සදහා ඉතා හොද අත්දැකිමක් ලබා දිම සදහා ඉදිරියේදි හුවාවේ සමාගම විසින් සුරක්ෂිත සහ තිරසාර මෘදුකාංග පද්ධතියක් ගොඩනැගීමට කටයුතු කරනු ලබන බවත් ශ්‍රි ලංකා වෙළදපල තුළ දැනට පවතින හුවාවේ ස්මාර්ට් ජංගම දුරකථන සදහා අඛණ්ඩව සිය සහය ලබා දෙන බවට හුවාවේ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සහතික වී තිබෙනවා.

ඒ අනුව දැනට හුවාවේ දුරකතනයක් ළඟ තිබෙන පාරිභෝගිකයින් මෙන්ම ඉදිරියේදී හුවාවේ දුරකතනයක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පාරිභෝගිකයන් කිසිඳු අවිශ්වාසයක් හෝ බියක් ඇති කරගත යුතු නැති බවයි පෙන්වා දෙන්නේ.