Friday, April 26, 2024

General line - 0115112241

පැවැති ආණ්ඩුව ගත් අසාර්ථකම තීරණය විද්වතුන් පෙන්වයි



පැවති ආණ්ඩුවේ දුර්වලතාවලින් ඉගෙන ගෙන නව ජනාධිපතිවරයා යටතේ රට ඉදිරියට ගෙනයා යුතු බව විද්වතුන් පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයාගේ බලතල අවම කිරීම පැවති ආණ්ඩුව ගනු ලැබූ අසාර්ථකම තීරණයක් බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ශී‍්‍රපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ පෙන්වා දෙන්නේ.

බල අරගලය ඇතුළු වත්මන් දේශපාලන ගැටුම් ද එහි ප‍්‍රතිඵලයක් බව ඊයේ (19) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේදී ඔහු විස්තර කළා. 

පවතින දේශපාලන අස්ථාවරත්වය නිවැරදි කිරීමට නම් ව්‍යවස්ථා සංශෝධනයක් අත්‍යවශ්‍ය බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ශී‍්‍ර ලංකා පොදුජන තරුණ පෙරමුණේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධීකාරක කොළඹ නාගරික මන්තී‍්‍ර මිලින්ද රාජපක්‍ෂ ද මෙම සංවාදයට එක් වුණා. ඔහු පැවසුවේ වචන මිස දැක්මක් නොමැතිවීම පැවති ආණ්ඩුවේ තවත් දුර්වලතාවක් බවයි.

වැඩ කරන රටක් යන්න ද තවත් වචන පෙළක් නොවී දැක්මක් ලෙස ගොඩනැගීමට දැන් කටයුතු කළ යුතු බවයි මෙහිදී වැඩිදුරටත් විස්තර කෙරුණේ.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.