Friday, April 26, 2024

General line - 0115112241

හේමාස් ජනතාවට තවත් සමීප වෙයි




රටක ජීවනාලිය බඳු එහි ආර්ථිකයට තම ඍජු දායකත්වය සපයමින් මෙරට විශාලතම සමූහ සමාගමක් ලෙස පරම්පරා ගණනාවකගේ මුවග රැඳුණු විශ්වසනීය නාමයක් ලෙස හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී සමාගම ප්‍රචලිතයි. 

වර්ෂ 1948 සිය ගමන් මග ආරම්භ කළ සමාගම වසර 70කට අධික කාලයක් මෙරට ජනතාවගේ දෛනික අවශ්‍යතා හඳුනාගනිමින් පාරිභෝගික භාණ්ඩ, සෞඛ්‍ය සත්කාර, ප්‍රවාහන සහ සංචාරක යන සියලු ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි තම ව්‍යාපාරය සාර්ථකව මෙරට තුළ ව්‍යාප්ත කරමින් ප්‍රතිලාභ රැසක් ශ්‍රී ලාංකේය ජනතාව වෙත ලබාදීමට සමත් වී තිබෙනවා.

ලාංකේය පවුල් ව්‍යාපාරයක් ලෙස ඇරඹි හේමාස් සමූහය 2003 වර්ෂයේදී දේශීය කොටස් වෙළෙඳපොළ තුළ ලැයිස්තුගත සමාගමක් වූයේ එහි අයිතිය දේශීය මෙන්ම විදේශීය කොටස්කරුවන් 4000 ක් අතර බෙදී ගිය පොදු සමාගමක් ලෙසින් මෙරට ස්ථාපිත දැවැන්ත ආයතනයක් ලෙස පරිවර්තනය වෙමින්.

පසුගිය මාස 09 අවසානයේ රුපියල් බිලියන 47 ක ආදායමක් වාර්තා කිරීමට හේමාස් සමාගම් සමත් වූයේ රට තුළ එම කාල වකවානුව තුළ ඇතිවූ අර්බුදකාරී තත්ත්වයට ද සාර්ථකව මුහුණ දෙමින්.

සිය මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 2.6 දක්වා උපයමින් රට තුළ කිනම් ආර්ථික, සමාජයීය, සංස්කෘතිකමය වශයෙන් අර්බුදකාරී තත්ත්වයන් ඇති වුවත් එය ව්‍යාපාරයේ හෝ පාරිභෝගික ප්‍රජාවගේ ප්‍රගතිය සඳහා බාධාවක් කර නොගනිමින් සාර්ථක ලෙස ගමන් කිරීමට ඔවුන්ගේ පාරිභෝගික භාණ්ඩයන් සහ සෞඛ්‍ය සත්කාරක සේවා ව්‍යාපාරය දායක වූ බවයි පෙන්වා දෙන්නේ.

2018/12/31 දිනෙන් අවසන් වන මාස 09ක කාලය හා සැසඳීමේ දී ආදායම ඉක්මවා යමින් විශේෂ අලෙවිකරණයකින් හේමාස් සඳහා ශක්තියක් වූයේ ඇට්ලස් සමාගමයි. පසුගිය මාස 09 තුළ රුපියල් බිලියන 1.7ක ආදායමක් සහ රුපියල් මිලියන 538.3 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කළ හේමාස් පාරිභෝගික අංශය රජය විසින් මෑතකදී සිදුකරන ලද වැට් බදු අඩු කිරීමෙන් පසුව එහි ප්‍රතිලාභ සිය පාරිභෝගික ජනතාව වෙත ලබාදීම සහතික කරමින් මිල අඩු කිරීම් ගණනාවක් සිදු කරන ලදි.

හේමාස් සන්නාමය යටතේ ශක්තිමත් අලෙවිකරණ සහ බෙදාහැරීම් ක්‍රමවේදයක් ස්ථාපනයට වැඩි වියදමක් සහ ආයෝජනයක්  සිදුකිරීම මේ කාලවකවානුවේදී සිදු කරනු ලැබුවා. 

රටක සංවර්ධනයේ ශක්තිමත් පදනම වන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට ද සෘජුව දායකත්වයක් සපයන හේමාස් එහි නව සංවර්ධනයක් ඇති කරමින් සිය ආදායම රුපියල් බිලියන 22.5 ක් දක්වා ගෙන එමින් 9.8‍% ක වර්ධනයක් ඇති කරන ලදි. 
බෙදාහැරීම් අංශයේ ද ප්‍රගතියක් ඇති කරමින් තලවතුගොඩ සහ වත්තල නගර ආශ්‍රිතව සිය රෝහල්වල මෙහෙයුම් සහ සාමාන්‍ය පාරිභෝගික ලියාපදිංචි වීම්වල ද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. හේමාස් රෝහල් සමූහයේ 2019/20 දෙවන කාර්තුවට සාපේක්ෂව මෙහෙයුම් ලාභය ආසන්න වශයෙන් රුපියල් මිලියන 100.0 කින් වැඩි කර ඇති අතර ඖෂධ නිෂ්පාදන අංශයට ශක්තියක් වන මොරිසන් පීඑල්සී සමාගම පසුගිය මාස 09 අවසානයේ රුපියල් බිලියන 2.7 ක ආදායමක් සහ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 187.0ක් ලබාගන්නා ලදි. 

හේමාස් හි සෙරන්ඩිබ් හෝටල් සමූහය ද රුපියල් මිලියන 995.3 ක ආදායමක් ලබා ගනිමින් හෝටල්වල නවාතැන් ගැනීමේ අගය ද 73‍% ක අගයක් පසුගිය මාස 09ක කාලය තුල පවත්වා ගනු ලැබුවා. 

එදා සිට අද දක්වාම සිය පාරිභෝගික ප්‍රජාව සමඟින් සුරක්ෂිතව රැගෙන පැමිණි විශ්වසනීයත්වය එලෙසින්ම රඳවා තබාගනිමින් අර්බුදවලට නොසැලී මුහුණ දෙමින් වඩාත් කැපවීමෙන් යුතු කාර්යක්ෂම සේවා  සිය කණ්ඩායම සමඟින් තම පාරිභෝගික ප්‍රජාව වෙත ලබාදීමට හේමාස් සමූහය නිරන්තරව කැපවීමෙන් කටයුතු කරයි. 

ඔවුන් ඔවුන්ගේ වර්ධනය නොකඩවා එලෙසින්ම පවත්වා ගනිමින් දේශීය ආර්ථිකය පෝෂණය කරන්නා වූ මූල්‍යමය ප්‍රභවයක් ලෙසින් පාරිභෝගික හැඟීම් සහ අවශ්‍යතා නිරන්තරයෙන් හඳුනාගත් ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික ප්‍රගතියක් ඇතිකිරීමට සිය අපේක්ෂාවෙන් සහ කාර්යයන් නොකඩවා ඉදිරියටත් සිදුකරගෙන යනු ලබන බවයි පෙන්වා දෙන්නේ.