Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයට එරෙහි සටනට 'නෙස්ලේ ලංකා' සේවකයින් වැටුපෙන් කොටසක් දෙයි




නව කොරෝනා ව්‍යසනය නිසා පිඩාවට පත් වූවන්ට සහ මෙම ව්‍යසනයට එරෙහිව සටන් වැද සිටින පාර්ශ්වවලට සහන ලබාදීම සඳහා නෙස්ලේ ලංකා සමාගම රුපියල් මිලියන 50ක් වෙන් කර තිබෙනවා.

මෙහි දෙවන අදියරේදි නෙස්ලේ ලංකා සමාගමේ සේවකයන්ද ඔවුන්ගේ වැටුපෙන් කොටසක් පිඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා ස්වෙච්ඡාවෙන් ලබාදීමට නියමිතයි. 

නෙස්ලේ ලංකා සමාගම ශී‍්‍ර ලංකාව සමග වසර 114ක් අඛණ්ඩව කටයුතු කරමින් සිටිනවා. සිය සේවකයින්ගේ, පාරිභෝගිකයින්ගේ, ගොවීන්ගේ, ව්‍යාපාරික හවුල්කරුවන්ගේ සහ පොදු ප‍්‍රජාවගේ සුභසාධනය සම්බන්ධයෙන් තමන් සෑම විටම ගැඹුරින සළකා බලන බවයි එහි කළමනාකාර අධ්‍යක්ෂ ෆැබ්රිස් කැවලින් පැවසුවේ.

නව කොරෝනා ව්‍යසනය නිසා පිඩාවට පත් වූවන්ට සහ මෙම ව්‍යසනයට එරෙහිව සටන් වැද සිටින පාර්ශ්වවලට සහන ලබාදීම සඳහා නෙත් එෆ්. එම්. රේඩියෝව සිදු කරන සමාජ සත්කාර සඳහාද නෙස්ලේ ලංකා සමාගම සහය ලබා දුන්නා.