Friday, April 26, 2024

General line - 0115112241

සුහද හදින් ටිකක් සැරෙන්




කාලයෙන් කාලයට සමාජයේ පැතිරෙන වෛරස් උණ රෝගයන්ට ප‍්‍රතිකාර තිබුණත් මේ මොහොතේ ලෝකයම දුබල කළ Covid - 19 වෛරසයට නම් නිසි ප‍්‍රතිකාරයක් තාමත් නෑ. ඒ වගේම මේ රෝගය සෙල්ලමක් නම් නෙමෙයි කියලා ඉන්දියාව දිහා බැලූවම හොදටම පේනවා.

 ඒ විතරක් නෙමෙයි කොරෝනා වෛරසය මේ මොහොතේ මුළු ලෝකයේම ජීවිත දහස් ගණනින් ගිලගනිමින් සිටිනවා. ඉතින් මේ වසංගතයෙන් අපිව ආරක්‍ෂා කරන්න වෛද්‍යවරුන් සහ සියලූම අදාල අංශ සෞඛ්‍ය නීති රීති පනවමින් ගොඩක් උත්සාහ කරනවා. නමුත් ඇත්තටම අපිට අපේ ජීවිත රැක ගන්න ඔවුන්ට තරම්වත් උවමනාවක් තියෙනවද කියන එක සැකයක්.

මොකද අපි වැඩ කරන්නේ කිසිම වගකීමකින් නම් නෙමෙයි. මාස්ක් එකක් දාන්නේ පොලිසීයෙන් බේරෙන්න. හොර පාස් හොයනවා එළියට පනින්න. ඉතින් කවුරු කොහොම උත්සාහ කළත් මේ වසංගතයෙන් නම් අපිට ගැළවෙන්න වෙන්නේ නෑ.

මෙන්න මේ නිසාමයි මේ ගැන ටිකක් සැරෙන් කථා කරන්න  ඕන කියලා අපි හිතුවේ. ඔබ ඔබේ සමාජ මාධ්‍යවල  ඕන තරම් විවිධ මත ෂෙයාර් කරනවා ඇති කොරෝනා වෛරසයෙන් බේරෙන්න රජය හෝ වෙනත් පාර්ශ්ව කරන්න  ඕන මොනවද කියලා. ඔබ එක් වරක් හරි හිතුවද තනි පුද්ගලයෙක් විදියට ඔබෙන් වෙන්න  ඕන වගකීම හරියට වෙනවද කියලා.
 
ඔබට එක සැරයක් හරි හිතිලා නැද්ද හොර පාස් එකකින් එළියට යන්න. මාස්ක් එක සාක්කුවේ හරි බෙල්ලේ හරි දාගෙන ගිහින්ම නැද්ද?. ඔබ බලාගෙන ඉන්නේ තව කෙනෙක් ඇවිත් ඔබව බේරගන්නකන්. හැබැයි ඔබට  ඕන නෑ ඔබේ වගකීම ඉටු කරන්න. ඔබ ඔබේ ආරක්‍ෂාව ගැන වග කිව යුතුයි. ඔබට ඔබේ පවුල ගැන හරි රට ගැන හරි හිතන්න බැරි නම් අඩුම ගානේ තමන්ගේ පරිස්සම ගැනවත් හිතන්න පටන් ගන්න.

අපි මේ පණිවිඩය ඔබට දෙන්න හිතුවේ, ඔබේ ආරක්ෂාව සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන කථා කරන සෙලාන් බැංකුවේ ”සුහද හදින් ටිකක් සැරෙන්” වැඩසටහනට සමාගමීවයි. ඉතින් සෙලාන් බැංකුව ටිකක් සැරෙන් වුණක් දෙන පණිවිඩය හරිම සුහදයි ඒ වගේම ගොඩක් වැදගත්. ඉතින් හිතන්න තනි තනිව ඔබේ වගකීම ඉටු කරන්න. වගකියන පුරවැසියෙක් වෙන්න.