Saturday, July 27, 2024

General line - 0115112241

අද O/L ප්‍රථිපල නෑ - එන දවස විභාග කොමසාරිස් කියයි




අ.පො.ස. සාමාන්‍යපෙළ විභාගයේ ප්‍රතිඵල අද දිනයේ නිකුත් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පවසනවා. විවිධ වාර්තා පළවී තිබුණේ අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බවටයි.

එම වාර්තා හේතුවෙන් දිගින් දිගටම ප්‍රතිඵල පිළිබද විමසීම් කරමින් දුරකථන ඇමතුම් ලැබෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ. 

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. ඒ අනුව ලබන 30 වනදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන වැඩිදුරටත් සදහන් කළේ. 

2021 සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයැදුම්කරුවන් හාරලක්ෂ 7,129ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් එක්ලක්ෂ 10,367ක් ඇතුළු සමස්ත අයැදුම්කරුවන් පන්ලක්ෂ 17,496ක් පෙනී සිටියා.