Friday, April 26, 2024

General line - 0115112241

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවට පහර දෙයි




ශ්‍රී ලංකා ඇෆ්නිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 6කදී කිසිවෙකු නොදැවී ලකුණු 29ක් රැස් කරගෙන සිටියා.

ආරම්භක පිතිකරුවන් වන ඊබ්රහීම් සද්රාන් සහ රහමනුල්ලා ගුරුබාස් ඉනිමේ රැදී සිටිනවා. තරගය මේ වන විට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.