Friday, April 26, 2024

General line - 0115112241

නෙත් හෙලිකල සාෆි නගර් වැලි ජාවාරම ගැන මාස 12කට පසු පාර්ලිමේන්තුවේ අවධානයට




ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ සාෆිනගර් ගංඟා රක්ෂිත ප්‍රදේශයේ මහවැලි ගඟේ සංවේදී කලාපයක සිදුවන දැවැන්ත වැලි කැණිමේ ජාවාරම සම්බන්ධයෙන් නෙත් නිවුස් අනාවරණය කර මාස 12 කට පසු අද පාර්ලිමේන්තුවේදී දැඩි අවධානයකට යොමු වුණා. ඒ, අයවැය කාරක සභා අවස්ථාව යටතේ අද පැවති පරිසර, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ සහ සංචාරක හා ඉඩම් යන අමාත්‍යංශවල වැයශීර්ෂ විවාදයේදීයි.

නෙත් නිවුස් මෙම වැලි ජාවාරම සම්බන්ධයෙන් පළමු වරට අනාවරණය කළේ ඉකුත් ජනවාරි 04 වනදායි.

අද පැවති අයවැය විවාදයේදී මෙම ජාවාරමේ බරපතලකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙලෙස අදහස් පළ කළා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පළ කළේ මෙවන් අදහසක්.

මේ, ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි චින්තක අමල් මායාදුන්න.

සංවර්ධන ව්‍යාපෘති සඳහා වනාන්තර ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර අදහස් පළ කළා.

මේ අතර විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, අලි වැට වෙනුවට අඟල් කැපීමෙන් සිදුවූ පරිසර ජාවාරමක් පිළිබඳ මෙලෙස හෙළි කළා.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ඊට ප්‍රතිචාර දැක්වීමත් සමඟ සභාව උණුසුම් වුණා.

සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පළ කලේ මෙවන් අදහසක්.

මේ අතර ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ සාෆිනගර් ගංඟා රක්ෂිත ප්‍රදේශයේ මහවැලි ගඟේ සංවේදී කලාපයක සිදුවූ දැවැන්ත වැලි කැණිමේ ජාවාරම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රැසක් අද අදහස් පළ කළා. ඒ පිළිබඳ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවේ ඇතුලත්.