විදුලිබල මණ්ඩලය හෝ එහි ආයතන විකුණා නොදමන බව විදුලිබල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා.
ඒවා ජාතික ස්වාධිපත්‍යයේ වැදගත් අංග ලෙස සළකා, රජයේ හිමිකාරීත්ව යටතේ පවත්වාගෙන යන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
නොරොච්චෝලේ ලක්විජය විදුලිබලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් විදුලිබල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මෙම අදහස් පළ කළා.